Tuesday 21 August 2012

20/20 ලෝක කුසලානයේ ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් චෝදනාවක්

20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ගෙවූ මුදලට අදාළ නියමිත ප්‍රවේශ පත්‍ර තමන්ට නොලැබෙන බවට ක්‍රීඩාලෝලීහූ චෝදනා කරති. ඔවුන් පෙන්වා දෙන්නේ, නීත්‍යානුකූලව කලින් වෙන් කර ගත් ප්‍රවේශ පත්‍ර වෙනුවට අඩුම මිල ප්‍රවේශ පත්‍ර ලබා ගන්නා ලෙස තරග සංවිධායකයින් තමන්ට යෝජනා කරන බව ය. පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමේ අවස්ථාව මෙරට ක්‍රීඩා ලෝලීන්ට හිමි වූයේ, පසුගිය පෙබරවාරි මාසයේ සිට ය. ඒ අනුව එම ප්‍රවේශපත්‍ර මෙම මාසයේදී ලබා ගන්නා ලෙසට දැන්වීම් කෙරුණ ද ඇතැම් ක්‍රීඩා ලෝලීන්ට අදාළ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ අවස්ථාව හිමි වූයේ නොමැත. මෙම අර්බූදය පිළිබඳ 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි අධ්‍යක්ෂිකා උපේඛා නෙල් මහත්මියගෙන් විමසූ අතර ඇය ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය කළමනාකරුගෙන් එය විමසන ලෙසය. ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් අර්බුදයක් පවතින බව හඳුනා ගෙන ඇතැයි, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය කළමනාකරු සැමි උල් හසන් මහතා අද පස්වරුවේ තහවුරු කළේය. ඔහු කියා සිටියේ මේ පිළිබඳ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ සේවා සපයන්නා සමග දැනටමත් සාකච්ඡා කරමින් පවතින බවය. පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේදී ඔබත් මෙවවැනි ගැටලුවකට මුහුණ දුන්නේ ද? ඒසේ නම් ඒ පිළිබඳ අපට කියන්න.

No comments:

Post a Comment