Monday 3 September 2012

පෙම්වතිය මරා තවත් දෙදෙනකුට තුවාල කර පෙම්වතා වස බොයි

ප්‍රේමය යනු දුක සොම්නස දෙකම කැටිවු වෘත්තාන්තයක් යන්න පසක් කරමින් තවත් ශෝචනීය ප්‍රේම කතාවක් අද කැකිරාව, තිබ්බටුවැව ප්‍රදේශයෙන් වාර්තා විය. 17 හැවිරිදි ගැහැණු ළමයෙකුට එසේ ජීවිතයට සමුදෙන්න වුයේ පෙම්වතාගේ කුරිරු ප්‍රහාරයකිනි. වසර 2ක ප්‍රේම සම්බන්ධයක් එසේ කෙළවර වුයේ දෙදෙනාගේ මව්වරුන්ද කැපීම් තුවාල සහිතව රෝහල් ගත කිරීමෙනි. තරුණයාද වස පානය කර මේ වන විට රෝහලේ සිටියි. වසර 2ක පමණ පෙම් සබඳතාවය අතහැරීමට යෝජනා කළ බැවින් කෝප වු පෙම්වතා එහි පළිය ගනු ලැබුවේ අත තිබු තියුණු ආයුධයකින් යන්න මෙම ඡායා රූපය සාක්ෂියකි.

No comments:

Post a Comment