Tuesday 21 August 2012

ගුවන් සේවිකාව යළි රක්ෂිත බන්ධනාගාරයට

කිරුළපන, පාමංකඩ මංසන්ධියේදී හෙරොයින් පැකට් 27 ක් සමග අත්අඩංගුවට ගැනුණු කොළඹ ප්‍රධාන ගුවන් සමාගමක සේවිකාව සහ තවත් පුද්ගලයකු සැප්තැම්බර් 4 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය හමුවට අද ඉදරිපත් කළ අවස්ථාවේදීය. කිරුළපන පොලිසියේ නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේ අදාළ සැකකාරිය ප්‍රකාශයක් ලබාදෙමින්, අත්අඩංගුවේ පසුවන සැකකරු ඇයට හෙරොයින් විකුණු බවට ප්‍රකාශයක් ලබාදී ඇති බවයි. ඒ, අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඉකුත් තුන්වැනි දින සැකකාරිය සමග ගමන් කළ අනෙක් තරුණිය නඩුවෙන් නිදහස් කරන ලෙස ද ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය ගමගේ මහතා ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධයෙන් සැප්තැම්බර් 4 වැනි දින සලකා බැලීමට තීරණය කළ අධිකරණය නියෝග කළේ, සැකකරුවන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

No comments:

Post a Comment