අවුරුදු හතර හමාරක් වයසැති තම දරුවාගේ දෙපා පිළිස්සූ බව කියන වැල්ලවාය ප්‍රදේශයේ මවක අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහන මහතා ප්‍රකාශ කළේ, තුවාල ලැබූ දරුවා වැල්ලවාය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
සැකකාර මව වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවකි.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකාරිය අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
No comments:
Post a Comment