ඔලිම්පික් උළෙලකදී සෞදි අරාබිය වෙනුවෙන් ජවන හා පිටිය තරගයකට සහභාගී වූ පළමු ක්‍රීඩිකාව ලෙස සාරා අටාර් වාර්තා අතරට එක් වූවාය.
ඒ මිටර් 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයක් නියෝජනය කරමිනි.
19 වියැති සාරා අටාර් මිටර් 800 කාන්තා මූලික වටයේ 6 වැනි තරගයේදී මිනිත්තු 2 යි තත්ත්පර 44.95 කාලයක් වාර්තා කළාය.
කෙසේ වෙතත් ඇයට හිමි වුයේ එහි අවසන් ස්ථනයයි.
ඇගේ පියා සෞදි අරාබි ජාතිකයෙකු වන අතර මව අමෙරිකා ජාතික කාන්තාවකි.
සෞදි අරාබිය නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකදී මෙවැනි තරගයකට සහභාගී වීමට ලැබීම තමන්ට තවමත් විශ්මය ජනක අත්දැකීමක් බව ඇය සඳහන් කළාය.
No comments:
Post a Comment