Wednesday, 8 August 2012
රටේ ආර්ථිකය ණය, බදු සහ දඩවලට සීමාවෙලා - හඳුන්නෙත්ති
අපේ රටේ ආර්ථිකය දුවන්නේ ණය, බදු සහ දඩ මත යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා ඇත.
ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව පවසා ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ, රටවල්වලින් ලබාගත් ණය ප්‍රමාණය තුන් ගුණයකින් වැඩිවෙලා. ඒ ණය ප්‍රමාණය රුපියල් කෝටි පනස් හයදහස් නවසියයක් වෙනවා. රුපියල අවප්‍රමාණය ඉහළයෑමෙන් මේ වැය ප්‍රමාණය තවත් ඉහළ යනවා. ආණ්ඩුව මේ ණය මුදල් ගෙවන්නේ කෙසේද? කොටස් වෙළඳපොළ කඩාවැටෙමින් තිබෙනවා. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට නොයෙකුත් ප්‍රශ්න ඇති වී තිබෙනවා. දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීමට ආණ්ඩුවට සැලසුමක් නැහැ. හෙජින් සූදුව නිසා රටට රුපියල් බිලියන හතලිස්දාහක් අහිමිවුණා. වශයෙන් රටේ ආර්ථිකයට සිදුවෙමින් පවතින තත්වය ගැන පවසා ඇතැයි වාර්තා වේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment