Wednesday 22 August 2012

මාලදිවයින් ජනපති හෙට දිවයිනට

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් වහීඩ් මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුවයි. මෙම සංචාරයේදී දෙරටේ රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. ඊට අමතරව ශ්‍රි ලංකාවේ සහ මාලදිවයින් ව්‍යාපාරික ප්‍රජාව හමු වී සාකච්ඡා කිරීමට ද නියමිතයි. මාලදිවයින් ජනාධිපතිවරයා සමග එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හා රජයේ නිලධාරින් පිරිසක් ද එම සංචාරයට එක්වනු ඇති.

No comments:

Post a Comment