Saturday 20 October 2012

සිසුවා අපයෝජනය කළ තිදෙනා අත්අඩංගුවට

15 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයින් තිදෙනෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවසුවේ, ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවය. අදාළ ශිෂ්‍යයා මාස 6 කට වැඩි කාලයක් තිස්සේ සැකකරුවන් විසින් වරින් වර අපයෝජනය කර ඇති බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17 හා 18 යන වයස්වල පසුවන්නෝ වෙති.

No comments:

Post a Comment