Tuesday 21 August 2012

කිඳෙල්පිටිය නඩුවේ විත්තිකාරියට නොතීසි

ගිනි අවියක් ළඟ තබාගත් බවට චෝදනා කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුසිල් කිඳෙල්පිටිය මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති පැමිණිල්ල අද යළිත් විභාගයට ගැනිණ. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේ.ඒ.ජී පුංචිහේවා මහත්මිය හමුවේ සුසිල් කිඳෙල්පිටිය මහතා ගොනු කර තිබූ මෝසමකට අනුවයි. මෙම නඩුවේ පැමිණිලිකාරියක්ව සිට පසුව විත්තිකාරියක බවට නම් කරන ලද එම කාන්තාවට අද අධිකරණයේ පෙනී සිටින ලෙස මීට පෙර නොතිසි නිකුත් කර තිබුණි. එහෙත් ඇයට නොතිසි භාරදීමට නොහැකි වී ඇති බව පොලිසිය අද අධිකරණයට දැනුම් දී සිටියේය. පොලිසිය වැඩිදුරටත් දැනුම් දී සිටියේ සැකකාරිය පදිංචිව සිටි නිවසේ ලිපිනය වෙනස් කර ඇති නිසා කඩිනමින් දැන් පදිංචිව සිටින ස්ථානය සොයා ගැනීමට කටයුතු කරන බවයි. සුසිල් කිදෙල්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පැවසුවේ මෙම සිද්ධියේ පැමිණිලිකාරියක් නොමැති බවයි. ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය එම කාන්තාවට ඔක්තෝබර් මස 23 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද දෙවැනි වරටත් නොතිසි නිකුත් කළේය.

No comments:

Post a Comment