Thursday 16 August 2012

ජාතික රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක

ජාතික රෝහලේ වෛද්‍යවරුන් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසුවේ, වෛද්‍ය සභාවේ වෛද්‍යවරයකුගේ නිවසට අද අලුයම අත්බෝම්බ විසිකිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් වැඩවර්ජනය ආරම්භ කළ බවයි. ඒ අතර දෙහිවල පිහිටි එම වෛද්‍යවරයාගේ නිවසට එල්ල කළ අත්බෝම්බය පුපුරා ගොස් නොමැති අතර එය නිශ්ක්‍රීය කිරීම සඳහා නිලධාරින් යොමු කළ බව පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේය. මේ අතර අප කළ විමසීමකදී ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, වැඩවර්ජනය පැවතිය ද රෝහල් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බවයි.

No comments:

Post a Comment