Thursday 16 August 2012

ගෙන්ගෙට යා හැක්කේ 10කට පමණයි

ගෙන්ගෙට ගොස් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් සීමා පැනවීමට මැතිවරණ මහලේකම් කාර්යාලය අවධානය යොමුකර තිබේ. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, ඒ අනුව කණ්ඩායම් වශයෙන් ගෙන්ගෙට යන දේශපාලන ආධාරකරුවන් සංඛ්‍යා‍ව 10 ක උපරිමයකට යටත් කිරීමට පියවර ගන්නා බවයි. ඒ අතර නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයාට ලබා දී ඇති බව ද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසීය.

No comments:

Post a Comment