Thursday 16 August 2012

රජයට ගම්වල මිනිස්සු රවටනවා වගේ මහාචාර්යවරු රවට්ටන්න බෑ -මල්වතු මහනාහිමි----

1956 ආණ්ඩුව බිහි කිරීමට කැප වූ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයම මේ වන විට මහපාරේ සිය අයිතිවාසිකම් ඉල්ලා ස... ටන් කිරීමට සිදුවඇතැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ පැවසූහ. එහිමියෝ මෙසේ පැවසූවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සම්මේලනයේ නියෝජිත පිරිසක් ඊයේ (14) උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය. ආණ්ඩුව සමග සාකච්ඡා කර ප්‍රශ්න විසඳා ගැනීම අසීරු නමුත්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටළුව පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්නේ නම් යහපත් බව පැවසු උන්වහන්සේ, මෙම ගැටළුව ඉක්මනින් විසඳේ යැයි තමන් වහන්සේ බලාපොරොත්තු වන බව ද එහිදී පැවසූහ. මෙම සිද්ධීන් හරහා රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලාපොරොත්තුව සම්පූර්ණවන බවක් දක්නට ලැඛෙන බව ද උන්වහන්සේ කීහ. ‘‘අද එක අංශයක් නොවේ සෑම අංශයක්ම පිරිහිලා. රජය දැන් බලන්නේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම ගැන පමණයි. ගම්වල ජීවත් වන මිනිස්සු රවටනවා වගේ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු, ආචාර්යවරු රවට්ටන්න බෑ. ජනාධිපතිවරයාට ධීවරයින්ගේ ගැටළුව විසඳන්න සාකච්ඡා කිරීමට හැකිනම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය ගැනත් සාකච්ඡා කර විසඳුමක් දීමට කටයුතු කළ යුතුයි" මල්වතු මහානාහිමියෝ පැවැසූහ. අළුයම සිට රාත්‍රී වන තුරු පිරිත් සජ්ජායනා කළ ද ධර්මය දේශනා කළ ද සමාජය යහපත් කළ නොහැකි බවත්, දවල්ට ක්‍රිකට් තරග ද රාත්‍රීයට සංගීත සංදර්ශන ද පැවැත්වීමට පමණක් සීමා වීමෙන් සිදුවන්නේ මෝඩයින් නිර්මාණය කිරීම බවත් උන්වහන්සේ පැවැසූහ.

No comments:

Post a Comment