Wednesday 8 August 2012

ක්‍රිස් හෝයි ඔලිම්පික් බිමෙන් සමු ගනී

බ්‍රිතාන්‍ය ගෘහස්ථ පාපැදි ශූර ශීමත් ක්‍රිස් හෝයි ඔලිම්පික් කෙළිබිමට සමුදුන් බව ප්‍රකාශ කළේය. ඔහු මේ වන විට බ්‍රිතාන්‍ය වෙනුවෙන් වැඩිම ඔලිම්පික් රන් පදක්කම් සංඛ්‍යාවක් දිනූ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්ව සිටී. ඊයේ රාත්‍රියේ පැවති ධාවන පථ පා පැදි කිරීන් අංශයේ රන් පදක්කම දිනා ගත් හෝයි මේ වනවිට ඔලිම්පික් රන් පදක්කම් 6ක් දිනා සිටී. ඔහු පවසන්නේ, 6 වැනි ඔලිම්පික් පදක්කම දිනා ගත් අවස්ථාව තම ජීවිතයේ සංවේදිජනක අවස්ථාවක් බවයි. අවසන් මෙහොත වන තුරු තමන් ජයග්‍රහණය කළ බව නොදත් අතර ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් හඩින් තම ජයග්‍රහණය තහවුරු වූ බව ඔහු පැවසීය.

No comments:

Post a Comment