Tuesday 4 September 2012

චෙන්නායිහි මහා බෝධි මූලස්ථානයට විශේෂ ආරක්ෂාවක

චෙන්නායිහි මහා බෝධි සංගම් මූලස්ථානය ඇතුළු ශ්‍රී ලංකාවට අයත් ආයතනවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි. චෙන්නායිහි නියෝජ්‍ය මහ කොමසාරිස් ඒ. රාජකරුණා මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය හා යුද හමුදාව අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය. එම ආයතන ගැටලුවකින් තොරව පවත්වාගෙන යන බව ද ඔහු සඳහන් කළේය. නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පැවසුවේ, තමිල්නාඩුවේ තන්ජවූර් ප්‍රදේශයේ දේවාස්ථානයක් අසල ගොඩනැගිල්ලක රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් අද පස්වරුවේ ගුවන් මගින් දිවයිනට එවීම සඳහා සැලසුම් කර ඇති බවය. ඔවුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳ සොයා බැලීමට තම නිලධාරින් දෙදෙනකු එම ප්‍රදේශයට පිටත් කර යවා ඇති බව ද ඔහු සඳහන් කළේය. 184 දෙනෙකුගෙන් සමන්විත මෙම ශ්‍රි ලාංකික පිරිස තමිල්නාඩුවේ ඇතැම් පුද්ගලයින්ගේ තර්ජන හේතුවෙන් මේ වන විට ආරක්ෂිත ස්ථානයක රඳවා ඇති බව චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ඒ.රාජකරුණා මහතා පැවසීය. ඒ අතර වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා පවසන්නේ, නැවත දැනුම් දෙනතුරු ශ්‍රී ලාංකිකයින්ට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

No comments:

Post a Comment