Wednesday 8 August 2012

ත්‍රිරෝද රථයට ඉංග්‍රිසි අකුරු තුනක්

ත්‍රිරෝද රථ සඳහා භාවිත කරන අංක තහඩු සඳහා නව ඉංග්‍රිසි අකුරු තුනක් හඳුන්වා දී තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ, මෙතෙක් භාවිත කළ අංක කාණ්ඩය අවසන්වීම හේතුවෙන් නව අංක භාවිත කිරීම අද සිට ක්‍රියාත්මක කෙරෙන බවයි. භාවිතා කෙරෙන නව අංකයට පෙර A අකුරු තුනක් අද සිට එක්වනු ඇති. සියලුම වාහනවලට ඉංග්‍රිසි අකුරු භාවිත කිරීම 2000 වසරේ අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක විය.

No comments:

Post a Comment