Friday 24 August 2012

වැල්ලවත්තේ ත්‍රිපුද්ගල මරණ: පුත්‍රයා අත්අඩංගුවට

වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක තිබී හමු වූ එකම පවුලේ තිදෙනාගේ අබිරහස් මරණ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසූවේ, ඔහු කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. නමින් කුමාරසාමි ප්‍රසාන් වන එම පුත්‍රයා පිළිබඳ යම් තොරතුරක් වේ නම් දැනුම් දෙන ලෙස ඊයේ පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය. හැටන් සිට වැල්ලවත්තේ පිහිටි පුත්‍රයාගේ නිවසට පැමිණ සිටියදී එකම පවුලේ මව පියා සහ දියණිය මෙලෙස අබිරහස් ලෙස මියගොස් තිබුණි. සිද්ධිය සමබන්ධයෙන් එම පවුලේ පුත්‍රයා පොලීසියට අවශ්‍යව සිටි අතර ඊයේ ඔහුගේ ඡායාරූපයක් ද ප්‍රසිද්ධ කෙරිණ.

No comments:

Post a Comment