Friday 24 August 2012

තෙල් තට්ටුව කොළඹින් බටහිරට

පානදුර මුහුදේ ගිළුණු සයිප්‍රසයට අයත් නෞකාවෙන් කාන්දුවන තෙල් තට්ටුව කොළඹින් බටහිරට පැතිර යමින් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසූවේ, මේ වන විට මීගමුව මුහුදු තීරයේ මීටර් 200ක් පමණ වෙරළේ තරමක තෙල් තට්ටුවක් පැතිර ඇති බවය. නැව ගිළුණු පානදුර අවට මුහුදේ එවැනි තෙල් තට්ටුවක් දක්නට නැතැයි, ද ඔහු පැවසීය. මේ වන විට නාවික හමුදාව ගුවන් හමුදාවේ ද සහය ඇතිව තෙල් තට්ටුව පැතිර යන ප්‍රදේශ ඇතිදැයි නිරීක්ෂණය කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

No comments:

Post a Comment