Friday 24 August 2012

හැරීගේ නිරුවත් ඡායාරූ පුවත්පතක මුල් පිටුවට

අමෙරිකාවේ ලාස්වේගාස්හි නිවාඩු චාරිකාවක නිරත බ්‍රිතාන්‍යයේ හැරී කුමරු නිරුවතින් සිටින ඡායාරූප බ්‍රිතාන්‍ය සන් පුවත්පත විසින් පළ කරනු ලැබ තිබේ. බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ නීතිඥවරුන්ගේ ඉල්ලීම නොසලකා හරිමින් එම ඡායාරූප පළ කළ පළමු බ්‍රිතාන්‍ය පුවත්පත මෙය වේ. හැරී කුමරු තවත් තරුණියක සමග නිරුවතින් සිටින අයුරු දැක්වෙන ඡායාරූප ඇමරිකාවේ ජනප්‍රිය වෙබ් අඩවියක් මගින් ඊයේ අනාවරණ කළත් බ්‍රිතාන්‍යයේ කිසිදු පුවත්පතක් ඊයේ එම ඡායාරූප පළ කර නොතිබුණි. කෙසේ වෙතත් සන් පුවත්පතේ මුල් පිටුවේ අඩක්ම එම ඡායාරූපය සඳහා වෙන්කර ඇති බව රොයිටර් අනාවරණ කළේය.

No comments:

Post a Comment