Friday 31 August 2012

ශ්‍රී ලංකාව පරදා සිංගප්පූරුව ශූරතාව දිනයි

ලකුණු 48ට 47ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් සිංගප්පූරුව 8 වැනි ආසියානු දැල්පන්දු ශූරතාව ගත්තේය. කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී තරගය පැවැත් විණ. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ තරග වැදුණු අතර එහිදී කිසිදු තරගයක් පරාජය නොවීය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේදී ලකුණු 81ට 38ක් ලෙස හොංකොං කණ්ඩායම පරාජය කළේය. දෙවැනි තරගයේදී ලකුණු 85ට 29ක් ලෙස ඉන්දියාව පරාජය කළ අතර තුන්වැනි තරගයේදී ලකුණු 127ට 3ක් ලෙස නේපාලය හමුවේ දැවැන්ත ජයක් වාර්තා කළේය. මූලික වටයේ සිව්වැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 110ට 8ක් ලෙස ජපානය පරාජය කළේය. අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව මලයාසියාව ලකුණු 67ට 58ක් ලෙස පරාජයට පත් කරමින් තරගය ජය ගත්තේය. එදා මෙදා තුර ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලි 7න් 4කම ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටී. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව මීට පෙර 1997, 2001, 2009 යන වසරවලදී ආසියානු දැල් පන්දු තරඟාවලියේ අවසන් තරඟයේ දී මුණ ගැසී ඇති අතර එම අවස්ථා තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් විය

No comments:

Post a Comment