Tuesday 21 August 2012

කටුගෙයි සොරා සන්ධාන මන්ත්‍රි‍්‍රීගේ සොයුරෙක් !

ජාතික කෞතුකාගාර සොරකම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින ව්‍යාපාරිකයා, කොළඹ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරයකු වන 'බැට් සංජිව' නමින් බජාර් භාෂාවෙන් හදුන්වන පුද්ගලයාගේ සහෝදරයෙකු බව පොලිසියට කරුණු හෙළිදරව් වී තිබේ. මෙම ව්‍යාපාරිකයා, පාතාලයේ 'කුඩු ලාල්' නැමැත්තාගේ ගෝලයෙකි. අංක එකේ පාතාල සාමාජිකයකු මෙන්ම මත් කුඩු ජාවරම්කරුවකු ලෙස ප‍්‍රකටව සිටින කුඩු ලාල් ඇමැතිවරයකුගේ උදව්වෙන් මෙරටින් පලා ගොස් දැනට එංගලන්තයේ වාසය කරයි.මේ වනවිට කෞතුකාගාර සිද්ධියට සම්බන්ධ ව්‍යාපාරිකයාගේ පුතාද අත්අඩංගුවට ගෙන ඇත. ත‍්‍රීරෝද රථ රියදුරකු දුන් තොරතුරු අනුව කෞතුකාගාර සොරකමේ භාණ්ඩ කිහිපයක් සඟවා තැබු පිළියන්දල ප‍්‍රදේශයේ ස්ථානවල සිටි කාන්තාවන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයෙකු ඊයේ (20) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබී සොයා ගත් කෞතුක භාණ්ඩ කිහිපය කොළඹ කෞතුකාගාරයෙන් සොරා ගන්නා ලද ඒවා බව තහවුරු වී තිබේ. නමුත් සොරාගන්නා ලද ඉතිරි භාණ්ඩ තවමත් හමුවී නැත. එසේ සොයා ගත් භාණ්ඩ කෞතුකාගාරයේ නිලධාරීන් විසින් පරික්ෂාවට ලක් කිරීමෙන් පසු ඒවා කෞතුකාගාරයෙන් අතුරුදන් වු ඒවා බවට තහවුරු කර ගෙන ඇත.

No comments:

Post a Comment