Tuesday 21 August 2012

සරසවි ඇඳුරන් සමග තවත් සාකච්ඡාවක්

විශ්වවිද්‍යාල අචාර්යවරුන් ආරම්භ කර ඇති වර්ජනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පෙරවරුවේ කම්කරු අමාත්‍යාංශයේදී පැවැත් වේ. කම්කරු කොමසාරිස්වරිය ද සහභාගි වන එම සාකච්ඡාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ‍කොමිෂණ් සභාව හා විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද කැඳවා ඇති බව කම්කරු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් ක‍ළේය. අමාත්‍යවරයා සඳහන් කළේ, සාකච්ඡාවේදි දෙපාර්ශවයේ කැමැත්ත මත බේරුම්කරණයකට යාමට බලාපොරොත්තු වන බවයි. ඒ සඳහා අමාත්‍යාංශ නියෝජිතයෙකු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාවේ නියෝජිතයෙකු සහ විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ නියෝජිතයෙකු පත්කිරිමට බලාපොරොත්තු වන බව අමාත්‍ය ගාමිණි ‍ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment