Saturday 18 August 2012

කප්පම් තැත වැරදී සැකකරු අත්අඩංගුවට

දැරණියගල තල්දූව ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයෙකුගෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක කප්පමක් ගැනීමට තැත් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරු විදුහල්පතිවරයාට දුරකථනයෙන් තර්ජනය කර කප්පම් ඉල්ලා ඇති බවයි. අත්අඩංගුවට පත් සැකකරු දෙහිඕවිට, ලස්සනගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අවිස්සාවේල්ල මහස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

No comments:

Post a Comment