Saturday 18 August 2012

ආණ්ඩුවේ ආරාධිතයාගේ රීඩ් උත්සවය ලබන 27දා

මේ දිනවල විශේෂ කතාබහකට ලක්වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රාජතාන්ත්‍රික ආරාධිතයා වන තුන්වෙනි මිස්වාති රජුගේ ස්වාසිලන්ත රාජ්‍යයේ ගෝත්‍රික රීඩ් උත්සවය ලබන 27 දා සිට සැප්තැම්බර් 03 වෙනිදා දක්වා පැවැත්වේ. මෙම උත්සවය ස්වාසිලන්තයේ මව් රැජිනගේ සිත පිනවීමට සිදුකරන උත්සවයක් වන අතර එරට අවිවාහක තරුණියන් විසින් උඩුකය නිරුවතින් සිදුකරන මෙම වාර්ෂික උත්සවයේදී රජුගේ අභිප්රා ය අනුව සිය අන්ත:පුරයට භාර්යාවක් තෝරාගැනීමට ද අවස්ථාව සැලසේ. මෙම උත්සවය සඳහා රාජපක්ෂ ජනාධිපතිවරයාටද මිස්වතී රජු විසින් ආරාධනා කළ බවට මාධ්‍ය වාර්තා පළවිය. තුන්වෙනි මිස්වතී රජු 44 වෙනි වියේ පසුවන අතර මේ වනවිට ඔහුට බිරියන් 14 දෙනෙකුද දූදරුවන් 23 දෙනෙකුද සිටී. ඔහුගේ පියාවන දෙවන මිස්වතී රජු හට බිරියන් 70ක් සිටි අතර දූදරුවන් 210ක් සිටී. මේ අතර තුන්වෙනි මිස්වතී රජුට රජකම ලැබී ඇත්තේ ඔහුට වසය අවුරුදු 18 දීය. දැනට ලෝකයේ නියම රාජකීය බලතල සහිතව පාලනය වන රටවල් ඇත්තේ 05කි. බෲනායි, කටාර්, ඕමාන්, සවුදි ආරාබිය සහ ස්වාසිලන්තයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හෝ සම්ප්‍රධායෙන් රටක පාලනය එක් පුද්ගලයෙකුට හිමිවීම රාජ්‍යත්වය ලෙසින් හදුන්වයි. ලෝකයේ තවත් රටවල් කිහිපයක රජවරුන් සිටින අතර ඔවුන් නාම මාත්‍රික රජවරුන් පමණක් වන අතර රාජ්‍ය පාලනයට සෘජුව මැදිහත් නොවේ. මේ අතර ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා විසින් 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපති දූර කාලයේ වාර ගණන අවස්ථා දෙකකට වඩා වැඩි කරගත් අතර යුධ ජයග්‍රහණයෙන් දින කිහිපයකට පසුව මෙරට සමහර විද්වතුන් කියා සිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා‍ට ජනාධිපතිවරණයකින් තොරව ජීවිතාන්තය දක්වා ර‍ටේ රජකම ලබාදිය යුතු බවයි.

No comments:

Post a Comment