Friday 24 August 2012

හෙදියගේ අත්වැරැද්දෙන් බිලිඳාට ඇඟිල්ල අහිමි වෙයි

හෙදියකගේ අත්වැරදීමකින් දින 7 ක් වයසැති ළදරුවෙකුගේ ඇගිල්ලක් අතින් කැපී වෙන් වී යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ පාලනාධිකාරිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පැවසුවේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන ළදරුවෙකුට සවිකර ඇති කැනියුලා උපකරණය ඉවත් කිරිමට යාමේදී හෙදියකගේ අත්වැරදීමකින් මෙය සිදුවී ඇති බවයි. මෙලෙස කැපී ඇත්තේ අදාළ ළදරුවාගේ වම් අතෙහි සුළැගිල්ල බව ඔහු සඳහන් කළේය. නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ ඇගිල්ල යළි බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකර ඇති බවයි. කෙසේ වෙතත් මෙම ශල්‍යකර්මයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයට පැමිණිය නොහැකි බව ද වෛද්‍ය සම්පත් රණවීර මහතා සඳහන් කළේය. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ මාපිය දෙපළකගේ බිලිදෙකි. නි‍යෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ සිද්ධිය පිළිබඳ පරික්ෂණ පැවැත්වීමෙන් අනතුරුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

No comments:

Post a Comment