Friday 24 August 2012

ඇතැම් අපේක්ෂකයින්ගෙන් බස් හිමියන්ට බලපෑම්

සන්ධානය නියෝජනය කරන ඇතැම් පළාත් සභා මැතිවරණ අපේක්ෂකයින් තම බස්රථවල ඔවුන්ගේ ස්ටිකර් සහ දැන්වීම් අලවන ලෙසට බලපෑම් එල්ල කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවලින් එම තත්ත්වය වාර්තා වන බවයි. ඒ සඳහා මැදිහත් වන ලෙස ඔහු මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරයි. මේ අතර මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේ, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ‍එවැනි ලිපියක් මැතිවරණ කොමසාරිස්වරයා‍ වෙත යොමු කර ඇති බවයි.

No comments:

Post a Comment