Wednesday 22 August 2012

ඉතියෝපියානු අගමැති අභාවප්‍රාප්ත වෙයි

ඉතියෝපියානු අගමැතකි මෙන්ම එරට නායක මෙලෙස් සෙනාවි අභාවප්‍රාපත් වූ බව එරට රජය වාර්තා කරයි. 57 හැවිරිදි වියේ පසුවූ සෙනාවි දීර්ග කාලයක සිට පැවති රෝගී තත්වය මෙම මරණයට හේතු වූ බවත් එම වාර්තා සඳහන්කරයි. ප්‍රතිකාර සඳහා ඔහු විදේස් රටකට ගොස් සිටි බවත් මිය ගියේද එම රෝහලේදීම බවත් ඒ පිළිබඳව වැඩි විස්තර සඳහන් කිරීමට අකමැති වූ ඔහුගේ ප්‍රකාශකයෙකු එරට මාධ්‍ය වෙත සඳහන් කර ඇත. ඔහුට පැවැති රෝගී තත්වය හේතුවෙන් මෑතකදී පැවැත්වුණු අප්‍රිකානු සංගම් සමුවවටද ඔහුට සහභාගීවීමේ අවස්ථාව අහිමි වූ බව ඉතියෝපියානු බලධාරීන් සඳහන් කරයි. මෙලෙස් සෙනාවි එරට නායකයා බවට පත් වූයේ 1991 වසරේදීය.

No comments:

Post a Comment