Friday 24 August 2012

තැපැල් ඡන්ද හිමියන්ට දැනුම්දීමක්

තැපැල් ඡන්ද හිමියන්ට සිය සේවා ස්ථානයේදී ඡන්ද සලකුණු කිරිමට අවස්ථාව හිමිවන්නේ අගෝස්තු මස 27 සහ 28 යන දින දෙකෙහි පමණක් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා දැනුම් දී සිටී. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා සිටින්නේ එම දින දෙකේදී තැපැල් ඡන්ද සලකුණු කිරිම සඳහා සියලු ඡන්ද දායකයින් සහතික කිරිමේ නිලධාරීවරයා දන්වන ස්ථානයට නොවරදවාම පැමිණෙන ලෙසයි. කිසියම් විශේෂිත හේතුවක් මත නියමිත දින දෙකෙහි ඡන්දය සලකුණු කිරීමට නොහැකිවන කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින්ට රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබේ. සෙසු දිස්ත්‍රික්කවල එවැනි ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යාමට සිදුවන බව මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

No comments:

Post a Comment