Friday 31 August 2012

ශ්‍රී ලාංකා කණ්ඩායම අද අවසන් සටනට

8 වැනි ආසියානු ශූරතා දැල් පන්දු තරඟාවලියේ අවසන් තරඟය ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට නියමියි. ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරඟයේ දී මලයාසියාව පරාජය කරමින් අවසන් තරඟයට පිවිසි අතර සිංගප්පූරුව හමුවේ අවසන් පූර්ව තරඟයේ දී හොංකොං කණ්ඩායම පරාජය පත් විය. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව මීට පෙර 1997, 2001, 2009 යන වසරවලදී ආසියානු දැල් පන්දු තරඟාවලියේ අවසන් තරඟයේ දී මුණ ගැසී ඇති අතර එම අවස්ථා තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් විය. මේ අතර ශ්‍රී ලංකාව අද අවසන් තරඟයට පිවිසෙන්නේ 5 වැනි වරටත් ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගැනීමේ බලාපොරොත්තු ඇතිවයි.

No comments:

Post a Comment