Friday 9 November 2012
අර්ජුන, ටිරාන් පක්ෂ තනතුරුවලින් ඉවත් වෙති
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා එම පක්ෂයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතා වෙත ලිපියක් යොමු කරන අර්ජුන රණතුංග මහතා දන්වා සිටින්නේ එම පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් තමන් ඉල්ලා අස්වන බවය.
රණතුංග මහතා එම ලිපිය යොමුකර ඇත්තේ 2012 නොවැම්බර් 08 වැනිදා දාතමින් යුතුවය.
ඒ අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා මහතා වෙත 2012 සැප්තැම්බර් මස 02 වැනිදා දාතමින් යුත් ලිපියක් යොමුකරමින් එම පක්ෂයේ තමන් දරණ ලේකම් ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව ටිරාන් අලස් මහතා ද දැනුම් දී තිබේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment