Saturday 20 October 2012

වැලිසරදී පුද්ගලයෙකු පැහැර ගනී

මහබා‍ගේ වැලිසර ප්‍රදේශයේදී අද උදෑසන පුද්ගලයකු පැහැරගෙන ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, යතුරු පැදියකින් සිය බිරිඳ සමඟ නිවසට යමින් සිටියදී එම පැහැර ගැනීම සිදුව ඇති බවය. වෑන් රථයකින් පැමිණි පිරිසක් එම පුද්ගලයා පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පැවසීය. පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා පෑලියගොඩ ප්‍රදේශයේ මානව සම්පත් මධ්‍යස්ථානයක සේවය කරන්නෙකු බවට තොරතුරු ලැබී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය

No comments:

Post a Comment