Friday 14 September 2012

ලාංකිකයින් 30දෙනා නාවුරු යවයි

ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතා ගොස් ක්‍රිස්මස් දිවයිනේ රඳවා සිටි ශ්‍රි ලාංකිකයින් 30 දෙනෙකු පැසිෆික් රාජ්‍යයක් වන නාවුරු දිවයින වෙත යවා තිබේ. බී. බී. සී. ලෝක සේවය පැවසුවේ අද අලුයම ගුවන් මගින් එම ශ්‍රි ලාංකිකයින් නාවුරු රාජ්‍යය වෙත යවා ඇති බවයි. මෙම පිරිස නාවුරු රාජ්‍යය වෙත යැවුණේ ඕස්ට්‍රේලියානු රජය ක්‍රියාත්මක කරන නව සංක්‍රමණික ප්‍රතිපත්තිය යටතේය. ‍මේ යටතේ බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාව බලා යන පුද්ගලයින්ගේ සැබෑ සරණාගතභාවය පරික්ෂා කෙරෙන තුරු ඔවුන් වෙනත් රටවල පිහිටි රැදවුම් මධ්‍යස්ථානවල රඳවා තැබෙනු ඇති. ඔස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය ක්‍රිස් බෝවන් මහතා පැවසුවේ, ඉදිරි සති කිහිපය තුළ ක්‍රිස්මස් දිවයිනේ රඳවා සිටින තවත් සංක්‍රමණිකයින් නාවුරු දිවයින වෙත යැවීමට නියමිත බවයි. පැපුවා නිව්ගිනියාවේ ද මෙවැනිම සංක්‍රමණිකව මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියාව සැලසුම් කර තිබේ.

No comments:

Post a Comment