Friday 14 September 2012

ප්‍රධාන ඇමතිවරු සඳුදා නම් කෙරේ

පළාත් සභා මැතිවරණයෙන් ජයගත් ප්‍රසාද මන්ත්‍රි අසුන් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජිතයින් තෝරා අවසන් කර තිබේ. එහි මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, ඔවුන්ගේ නාම ලේඛනය මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත යවන බවයි. පළාත් සභා සඳහා ප්‍රධාන අමාත්‍යවරුන් තේරිමේ කටයුතු ඉදිරි සති අන්තයේදී සිදු කිරිමට නියමිත බව ඔහු සඳහන් කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ ‍තෝරා ගන්නා ප්‍රධාන අමාත්‍යවරුන් සදුඳා දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි. ‍ඒ අතර නැගෙනහිර පළාත් සභාව පිහිටුවීම සඳහා හවුල්කාර පක්ෂ සමග ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණ ඇති බව ද සන්ධාන මහලේකම්වරයා සඳහන් කළේය.

No comments:

Post a Comment