Saturday 8 September 2012

ඡන්ද ප්‍රකාශය 35% ඉක්මවයි

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 35% ඉක්මවා තිබේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය අද උදෑසන 10 පමණ වන විට 35% ක් පමණ වූ බව තේරීම් භාර නිලධාරි නිමල් අබේසිරි මහතා සඳහන් කළේය. අද පෙරවරු 10. 45 පමණ වන විට අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 35% ක් පමණ වන බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී නීල් ද අල්විස් මහතා පැවසීය. ත්‍රිකුණාමල තේරීම් භාර නිලධාරී මේජර් ‍ජෙනරාල් ටී.ටී.ආර් ද සිල්වා මහතා පැවසූවේ, අද පෙරවරු 10.30 පමණ වන විට ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 35% ක් පමණ වු බවය. ඒ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ, ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අද පෙරවරු 10 පමණ වන විට 20% ක් පමණ වු බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා පැවසීය. කෑගල්ල තේරීම්භාර නිලධාරින් තුසිත වනගසිංහ මහතා පැවසුවේ අද පෙරවරු 11.30 පමණ වන විට ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 25% ක් පමණ වූ බවයි. අද පෙරවරු 10 පමණ වන විට ඡන්ද ප්‍රකාශ කිරී‍මේ ප්‍රතිශතය 20% ක් පමණ වු බව තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කළේය. ඒ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 25% ඉක්මවන බව, තේරීම් භාර නිලධාරි මහින්ද සෙනෙවිරත්න මහතා නිව්ස්ෆස්ට් වෙත පැවසීය.

No comments:

Post a Comment