Sunday 2 September 2012

මැතිවරණය නිසා පාසල් 4ට තවත් අතිරේක නිවාඩුවක්

පළාත් සභා මැතිවරණයේදී උතුරු මැද හා සබරගමු පළාත්වල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් තෙවන වාරය සඳහා ලබන 11 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වශයෙන් යොදා ගන්නා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය ලබන 11 වැනිදා ආරම්භ කරනු ඇත. එසේම කෑගල්ල දිස්ත්‍රීක්කයේ ස්වර්ණ ජයන්ති විද්‍යාලය, කෑගල්ල බාලිකා විද්‍යාලය හා කෑගල්ල මහා විද්‍යාලය යන පාසල් 3 ද ලබන 11 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්ය. පාසල්වල තෙවන වාරය හෙට (03) ආරම්භවීමට නියමිතය. ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණයට යොදා ගන්නා පාසල් හැරුණු විට සෙසු පාසල්වල ඉගැන්වීමේ කටයුතු හෙට සිට ආරම්භ වනු ඇත.

No comments:

Post a Comment