Saturday 1 September 2012

සමෘද්ධිට දුන් භූමිතෙල් සහනාධාරය නතරකරලා - චාමර

සමෘද්ධි ලාභීන්ට ලබාදුන් භූමිතෙල් සහනාධාරය පසුගිය අගෝස්තු මාසයේ සිට නතර කිරිමට රජය තීරණය කර ඇතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි. පසුගිය පෙබරවාරි මාසයේ ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසු මෙම සහනාධාරය ලබාදීම ආරම්භ කෙරිණි. ඒ අනුව මාසිකව රුපියල් දෙසීයක සහනාධාරයක් මාස හයක් සඳහා එකවර ලබාදීමට රජය කටයුතු කෙළේය. එම සය මාසික සහනාධාර කාඩ්පත පසුගිය ජූලි මාසයෙන් අවසන්වූ අතර, ඉන්පසු මෙතෙක් එය ලබාදීමට රජය කටයුතු කර නැත. ඉල්ලීම් රැසක් කළ ද, රජය මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ගැටලු සහගත බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා පවසයි.

No comments:

Post a Comment