Monday 10 September 2012

5 ශිෂ්‍යත්ව විභාගයේ පරීක්ෂණ යට ගහනවා

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ලංකා ගුරු සේවා සංගමය පවසයි. ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමට අදාළ තොරතුරු බලධාරීන් යට ගැසීමට ක්‍රියාකරන නමුත් ඊට නිසි විසඳුමක් ලබා ගැනීමට දෙමව්පියන්ට හා සිසුන්ට පෙරට එන්නැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඉල්ලීමක් කළේය. ‍කොළඹදී අද (10) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. 5 වසර ශිෂ්‍යත්ව ප‍්‍රශ්න පත්‍රය පිටවීම ලංකාවම දන්නා කරුණක් බවත් එම තොරතුරු ලැබුණු ආකාරය සිසුන්ගේ දෙමාපියන් අනාවරණය කරමින් සිටින බවත් ඔහු පෙන්වාදුන්නේය. මේ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසට තම සංගමය ද අධ්‍යාපන බලධාරීන්ගෙන් පළමුව ඉල්ලීමක් කළ බව ඔහු සිහිපත් කළේය. කෙසේ හෝ දැන් සිදුවන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන්, පොලීසිය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න පත‍්‍ර පිටවීමට අදාළ පරීක්‍ෂණ සිදුකරනවා වෙනු‍වට එම තොරතුරු හෙළිකළ අය බිය වැද්දීම හා ඒ ගැන පරීක්ෂණ නොකිරීම යැයිද ඔහු පෙන්වාදුන්නේය. මෙම ක්‍රියාවෙන් තොරතුරු ලබාදීමට ඉදිරිපත් වු දෙමව්පියන් අධෛර්යට පත්ව පරීක්ෂණ ඉබේම නතර වන තැනට කරුණු යෙදීම යැයි ඔහු පැවසුවේය.

No comments:

Post a Comment