Tuesday 11 September 2012

බීමත් රියදුරු දෑතට ජීවිත දෙකක් බිලි

ජා- ඇල නගරයේ සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව වූවෝය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, ඔවුන් පාර මාරුවීමට යාමේදි බස් රථයකට යට වී ඇති බවයි. බීමත් රියදුරෙකු විසින් මෙම අනතුර සිදු කරනු ලැබ තිබේ. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් අදාළ රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

No comments:

Post a Comment