Thursday 6 September 2012

ඕස්ට්‍රේලියා යමින් සිටි 54ක් අත්අඩංගුවට

නීති විරෝධිව ඕස්ට්‍රේලියාවට යාමට තැත් කළ තවත් පුද්ගලයින් 54 දෙනෙකු මිරිස්ස මුහුදේදී අද උදෑසන අත්අඩංගුවට‍ ගෙන තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා පැවසුවේ, එම පිරිස ගාල්ල ධීවර වරායට රැගෙන එමින් ඇති බවය. ඔවුන් පිළිබඳව මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment