Thursday 6 September 2012

සංගාට සම්මාන ත්‍රිත්වයක්

ඊයේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී 2011 - 2012 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර සමත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන එම වාර්ෂික සම්මාන රාත්‍රියේදී සංගක්කාරට හිමි වූ සම්මාන ගණන තුනකි. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන හිමි වූයේ, දේශීය හා විදේශීය තරගවලදී දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමිනි. වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස දිනේෂ් චන්දිමාල් සම්මාන දිනා ගත්තේ ය. වසරේ හොඳම ටෙස්ට් පිතිකරුට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ, කුමාර් සංගක්කාර විසිනි. වසරේ හොඳම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය රංගන හේරත් දිනා ගනිද්දී මහේල ජයවර්ධන වසරේ හොඳම එක්දින පිතිකරුවාට හිමි සම්මානය දිනා ගත්හ. වසරේ හොඳම එක්දින පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංගට හිමි වූ සම්මානය ලබා ගත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාකරු චරිත් සේනානායක විසිනි. එක්දින ක්‍රිකට් පිටියේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා වූ ටී.එම්. ඩිල්ෂාන්ට හිමි සම්මානය ලබා ගත්තේ ද ක්‍රිකට් කළමනාකාර වරයා ය. සම්මාන ප්‍රදානෝත්සවයේ වැඩි අවධානයක් යොමු වූ සම්මාන දෙකම දිනා ගැනීමට හිටපු නායක කුමාර් සංගක්කාර සමත් විය. ඒ අනුව වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා මෙන්ම වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා යන සම්මාන ද්විත්වයම ඔහුට හිමිවිය.

No comments:

Post a Comment