Friday 7 September 2012

ගොඩකවෙල අයිය,මලෝ අද අවසන් ගමනේ

ගොඩකවෙල, පල්ලෙබැද්දේදී පෙරේදා ඝාතනයට ලක් වූ එකම පවුලේ දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.සහෝදරයින් දෙදෙනාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ගල්පාය තෙළඹුගහඅතුර පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.පසුගිය 4 වැනිදා රාත්‍රියේ නිවසට පැමිණි පුද්ගලයකු තියුණු ආයුදයකින් පහරදී ඔවුන් දෙදෙනා ඝාතනය කර තිබුණි.මෙලෙස ඝාතනයට ලක්වූයේ, ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගනුම ලැබූ දස හැවිරිදි දිමුතු ලක්ෂාන් සහ ඔහුගේ සහෝදරයා වූ හය හැවිරිදි මහේෂ් රවිශ්ක විදුරංගයි.19 හැවිරිදි ඝාතන සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසු වේ.මිය ගිය දරු දෙදෙනාගේ තුවාල ලැබූ මව තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

No comments:

Post a Comment