Friday 7 September 2012

අජ්මාල්ට අසාධාරණයක්

පාකිස්ථාන කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සයිඩ් අජ්මාල් ‍ජා‍ත්‍යන්තර එක්දින ක්‍රිකට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය පැමිණ සිටී.කෙසේ වෙතත් ඉදිරියේ දී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් සම්මාන සඳහා ඔහුගේ නම ඇතුළත් වී නොමැත.ප්‍රකාශ‍යට පත් කෙරුණු එක්දින පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටින අජ්මාල් හිමිකර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 759 කි.නිමා වූ පකිස්ථාන - ඕස්ට්‍රේලි‍යා එක් දින තරඟාවලියේ දී ඔහු දැක් වූ දක්ෂතා ඊට හේතු වී තිබේ.කෙ‍සේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මාන ප්‍රදානය සඳහා පසුගි‍ය දා ප්‍රකාශයට පත් වූ නාම ලේඛනයට අජ්මාල්ගේ නම ඇතුළත්ව නොමැත.ඊට විරෝධය පළ කරමින් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල‍ය පැවසූවේ, තමන් සම්මාන රාත්‍රිය වර්ජනය කරන බවයි.එහෙත් අජ්මාල්ගේ නම ඇතුළත් නොවීම සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබේ.

No comments:

Post a Comment