Sunday 23 September 2012

අපිට කතා කරන්න බෑ

බේරාගත් රට ආරක්ෂා කර ගැනීමේ වගකීම කාන්තාව සතුව ඇතැයි අනෝමා ෆොන්සේකා මහත්මිය ඊයේ මහනුවර පැවති උත්සවයක දී පැවසුවාය. අභිමානවත් ලක් දියණියෝ සංවිධානයේ මධ්‍යම පළාත් ශාඛාව ආරම්භ කිරිම වෙනුවෙන්, මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දී උත්සවය පැවැත්වූ අතර අනෝමා ෆොන්සේකා පදනමේ මහනුවර දිස්ත්‍රික් ශාඛාව පිහිටුවීමද ඊයේ සිදු කෙරුණි. මෙහිදී අදහස් දැක් වූ ෆොන්සේකා මහත්මිය, '' අපිට කතා කරන්න බෑ.අපිට ලියන්න බෑ.ඒ නිදහස අපිට නැහැ.ප්‍රජාතන්ත්‍රවාදය කියලා ලෝකෙ පුරා කෑගහනවා,ඒ වුනාට ඇත්තටම හදවතට කතා කරලා බලන්න අපගේ නිදහස තියනවාද කියලා.පිරිමිකම හා ගැහැණුකම කියන්නේ මේ වෙලාවේ හැටියට අඩියක් ඉදිරියෙන් තියාගෙන යම්කිසි මෙහෙයක් රට වෙනුවෙන් අපේ රටේ යුක්තිය සාධාරණය වෙනුවෙන් කරන්න පුළුවන් කියන හැඟීමකින් ඉදිරියට එන්න තමයි මේ වෙලාවේ අපිට අවශ්‍යය. ''

No comments:

Post a Comment