මිචිගන් හී සූස් නැමැති සුනඛයා ලොව උසම සුනඛයා ලෙස වාර්තා පොතට එක්ව ඇත. ගේ‍්‍රට් ඬේන් වර්ගයට අයත් තුන් හැවිරිදි සූස් ගේ උස අගල් 44 ක් ලෙස වාර්තා වන අතර තම පසුපස පාද වලින් සිට ගත් විට අඩි 7 ක් සහ අගල් 4 ක උසකින් යුක්ත වේ.
අනෙකුත් සුරතල් සතුන්ට මෙන් පානය කිරීමට ජල භාජනයක් අවශ්‍ය නොවන මෙම සුනඛයා මුළුතැන්ගෙයි ඇති ජල කරාමයෙන් ජලය පානය කිරීමට තරම් සරිලන උසකින් යුක්තය.
සුස් ගේ අසාමාන්‍ය උස නිසාම ඌ අශ්වයෙකු යැයි සිතා කුඩා දරුවන් රැවටෙන බව සුස්ගේ ස්වාමියා වන ඩෙනිස් ඩෝලැග් පවසයි.
No comments:
Post a Comment