Saturday 22 September 2012
සත්ත්වෝද්‍යානයේ ප්‍රවේශපත්‍ර වංචාවක්
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කවුන්ටරයේ නිලධාරියෙකු දිගු කලක සිට කරගෙන ආ මූල්‍ය වංචාවක් පිළිබඳව හෙළිවී තිබේ.
අදාළ නිලධාරියා මුදල් ලබා ගත්ත ද ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම පැහැර හැර ඇත.
පෙර පාසල් දරුවන් පිරිසක් සමග දෙහිවල සත්ත්වෝද්‍යානය නැරඹීමට පැමිණි පිටිගල රතනමෝලි පිරිවෙන්වාසි, ශාස්ත්‍රපති පූජ්‍ය ගොඩාමුණේ චන්දිම හිමියන් ද අදාළ සිද්ධියට මුහුණදී තිබේ.
නිව්ස්ෆස්ට් ඒ සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment