Friday 7 September 2012

ප්‍රදර්ශනයට ආ චීන ජාතිකයා අවසානයේ බන්ධනාගාරයට

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන කුටියක තිබු රුපියල් ලක්ෂ 18 ක් වටිනා දියමන්තියක් ගිල දැමු චීන ජාතිකයා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. මෙම සොරකම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා හමුවේ කළ කරුණු දැක්වීමකදී අදාළ නියෝගය නිකුත් කළේය. මේ වන විට සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ රඳවා තබා සිටින බව කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. සොරකම සඳහා ඔහු සමග පැමිණි අනෙක් චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන පවත්වන බව පොලීසිය දන්වා සිටියේය.

No comments:

Post a Comment