Thursday 13 September 2012

කොටස් වෙළඳපොළ කොල්ලකෑම ?

කොළඹ කොටස් වෙළදපොළ මිල දර්ශක අදත් 2%කට ආසන්න අගයන්ගෙන් ඉහළ ගියේය. ඒ අනුව මාසයේ අද දක්වා කාලය තුළ පමණක් සියලු කොටස් මිල දර්ශකය පමණක් ඒකක 597කින් ඉහළ ගොස් ඇති අතර එය 11.5%ක වර්ධනයකි. කොටස් වෙළදපොළේ මෙම වේගවත් වර්ධනය සැබෑ වර්ධනයක් ද යන්න අර්ථ ශ්‍රාස්තයින් ප්‍රශ්නකර සිටී. ඊයේ කොළඹ කොටස් වෙළදපොළ සියලු කොටස් මිල දර්ශකය 1.38කින් හා මිලංකා මිල දර්ශකය 1.7%කින් ඉහළ ගොස් තිබුණි. අද සියලු කොටස් මිල දර්ශකය 1.92%කින් ඉහළ යද්දී මිලංකා මිල දර්ශකයේ ඉහළ යාම දැක්වූණේ, 2.09%ක් ලෙසයි. මෙම දර්ශකය අනුව පසුගිය වසරේ මැද භාගය වන විට කොළඹ කොටස් වෙළඳපොළ ලොව වර්ධනීය කොටස් වෙළඳපොළවල් අතර ප්‍රමුඛස්ථානයට පත් විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7816ක් දක්වාත් මිලංකා මිල දර්ශක අගය ඒකක 7327ක් දක්වාත් ඉහළ ගියේය. එහෙත් එම අවසරය අවසන් වන විට වෙළඳපොළ ශීඝ්‍රයෙන් කඩාවැටුණු අතර සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 1,742කින් හා මිලංකා මිල දර්ශකය ඒකක 2,098කින් පහළ ගියේය. මෙලෙස කොටස් වෙළඳපොළ පහළ ගියේ ඇයි ද යන්න පිළිබඳව එහි නියාමකයා ලෙස කටයුතුකර පසුගියදා ඉන් ඉවත් වූ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා පැහැදිලි කර සිටියේය. මෙම නීතිවිරෝධි කටයුතු අවම කිරිම සඳහා විනිමය හා සුරැකුම්පත් කෙමිෂන් සභාවේ හිටපු සභාපතිවරුන් දෙදෙනකු වන ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය හා තිලක් කරුණාරත්න මහතා කටයුතු කළත් අවසානයේදී ඔවුන් දෙනාට සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට සිදු විය. තිලක් කරුණාරත්න මහතාගේ ඉවත්වීමත් සමග කොමිෂන් සභවේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණේ, ආචාර්ය නාලක ගොඩහේවා මහතාය. එම පත්වීමත් සමග කොටස් වෙළඳපොළ විශාල ලෙස ඉහළ ගියේය. ඊයේ වන විට ලොව වර්ධනීය කොටස් වෙළඳපොළවල් අතර 3 වන ස්ථානයට පත්ව ඇතැයි, මාධ්‍ය වාර්තා කළේය. මේ අතර අද අයිලන්ඩ් පුවත්පතේ පළ වූ වාර්තාවකින්ද මෙම සිදුවීම මනා ලෙස පෙන්වා දී තිබුණි. මෙලෙස කොටස් වෙළඳපොළ පහළ ගියේ ඇයි ද යන්න පිළිබඳව එහි නියාමකයා ලෙස කටයුතුකර පසුගියදා ඉන් ඉවත් වූ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා පැහැදිලි කර සිටියේය.

No comments:

Post a Comment