Thursday 6 September 2012

තීන්දුව දෙන තෙක් බිළි පූජාව නවතී

හලාවත ශ්‍රී භද්‍රකාලී අම්මන් කෝවිලේ වාර්ෂික සත්ත්ව බිළි පුජාව පැවැත්වීම ලබන 11 වැනි ‍දින තෙක් වළක්වා තිබේ. ඒ ඕමාරේ කස්සප හිමියන් සහ අමාත්‍ය මර්වින් සිල්වා මහතා හලාවත දිසා අධිකරණය හමුවේ ගොනු කළ මෝසමක් යළි කැඳ වු අවස්ථාවේදිය. මෙම මෝසමට අදාළව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන 11 වැනි දිනට නියමිත අතර ඒ වන තෙක් බිළි පුජාව පැවැත්වීමට නොහැකි බව හලාවත මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ජගත් ඒ. කහඳගම මහතා අද නියෝග කළේය. ඒ අතර මෙම සත්ත්ව බිළි පුජාව වළක්වාලන ලෙස ජාතික සංඝ සම්මේලනය ඇතුළු පෙත්සම්කරුවන් 14 දෙනෙකු ගොනුකළ පෙත්සම් අද අභියාචනාධිකරණය හමුවේද යළි සලකා බැලිණ. මීට පෙර කෝවිලේ භාරකාර මණ්ඩලය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඒ.ආර්. සුරේන්ද්‍රන් මහතා ඉදිරිපත් කළ කරුණු දැක්වීමට අදාළව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සි.ආර්. ද සිල්වා මහතා අද ප්‍රති නීති තර්ක ඉදිරිපත් කළේ ය. නීතිඥවරයා කියා සිටියේ ආගමික ස්ථානවල පැවැත්වෙන බිළි පුජාවන් සඳහා අනිවාර්යෙන්ම ඊට අදාළ පළාත් පාලන ආයතනවල අවසර ලබාගත යුතු බවය.

No comments:

Post a Comment