Thursday 6 September 2012

හක්මන ඩිපෝවේ බස් කොට උඩ සේවකයන් වහලේ උඩ

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් හක්මන ඩිපෝවේ ඉංජිනේරු සේවකයෝ අද (06) අඛණ්ඩ වර්ජනයක නිරතවන බව වාර්තාවේ. ඔවුන් අද පස්වරුව වන විට එම ඩිපෝවේ ගොඩනැගිල්ලක වහලයක් උඩට නැග විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන්පාඨ කියමින් උද්ඝෝෂණයකද නිරත වී ඇත. ඔවුන්ගේ මූලික ඉල්ලීම වී ඇත්තේ පසුගිය ජූලි මායට අයත් හිග වැටුප් ලබා ගැනීම බව වර්ජනයේ නියුතු එක් සේවකයෙකු අප සමග පැවසීය. කෙසේ වෙතත් ඩිපෝ කලමනාකාරවරයා පවසන්නේ ඉන්ජිනේරු සේවකයන් 45ට පමණක් නොව ඩිපෝවේ සියළු සේවකයන්ට එම මස පඩිය ගෙවා නැති බවත් එම පඩි ගෙවීමට ඩිපෝවේ මුදල් නොමැති බවත්ය. සේවක විරෝධතාවය පැවති ස්ථානයට පැමිණි ගමනාගමන අධිකාරියේ නිලධාරියෙකු එම සේවකයන්ට පවසා ඇත්තේ එම අධිකාරියෙන් ගෙවියයුතු මුදල් ඩිපෝවට ගෙවා ඇති බවයි.

No comments:

Post a Comment