Thursday 6 September 2012

ආචාර්ය ගැටලුවට විසදුම් ඉල්ලූ සිසුන්ට ජල ප්‍රහාරයක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වු සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කළේය.අද පෙරවරුවේ සිට අදාළ සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වුණේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු විසදා අධ්‍යයන කටයුතු කඩිනමින් අරඹනැන්නැයි ඉල්ලමිනි. අද පස්වරුවේ එහි පැමිණි පොලීසිය සිසුන්ට සත්‍යග්‍රහය අවසන් කරන්නැයි ඉල්ලා ඇති අතර සිසුන් ඊට එකඟ නොවී‍මෙන් අනතුරුව පිරිස විසුරුවා හැරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment