Friday 7 September 2012

තිලක් ජයරත්න මහතා අභාවප්‍රාප්තවෙය

ප්‍රවීන සන්නිවේදකයෙක්, උගත් ලේකකයෙක්, ටෙලිනාට්‍ය තිරරචකයෙක්, ගුවන් විදුලි වැඩසටහන් නිශ්පාදකයෙක් වූ තිලක් ජයරත්න මහතා අද (07) උදෑසන අභාවප‍්‍රාප්ත වී ඇත. ඒ මහතා මිය යන විට 69 වියෙහි පසුවිය. ගුවන් විදුලි සංථාවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන ඔහු ගුවන් විදුලි සේවයේ අධ්‍යාපන සේවය නිර්මාතෘ වරයායි. සුභාරතී, සකිසඳ භූමිකා වැනි වැඩසටහන් ආරම්භ වූවේද ඔහුගේ මූලිකත්වයෙනි. ශ්‍රී ලංකා රූපවාහාණි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙක්ද වේ. වනස්පති, කඩුල්ල, නාදුනන පුත්තු, දන්ඩේලූ ගිනි ආදී අදටත් පේ‍්‍රක්‍ෂකයන් අතර මතකයේ රැදී තිබෙන ටෙලි නාට්‍ය ඔහුගේ නිර්මාණයන්ය. තිලක් ජයරත්න ටෙලි විෂනය තුළින් නව ටෙලි නාට්‍ය කලාවක් ගොඩ නගන්නට මූලිකව උරදුන් විශිෂඨයෙකි. ශ්‍රී ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ සුවිශේෂී චරිතයක් වූ තිලක් ජයරත්න මහතා මෙරට ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහන් කළාවේ ප්‍රමුඛයා වශයෙන් හදුන්වාදිය හැක. සවාසනා ඔහු විසින් ලියන ලද නවකතාවකි. තිලක් ජයරත්න මහතා පසුගිය කාලයේ රෝගාතුරව සිටියේය. ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලබන බව ඥාතීහු පවසති.

No comments:

Post a Comment